ලාෆ්ස් ගෑස් නිලධාරීන්ට හදිසි කැඳවීමක්!
ලාෆ්ස් ගෑස් සමාගමේ නිලධාරීන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත කැඳවීමට පියවර ගෙන තිබෙනවා.
ඒ, එම සමාගම විසින් ගෑස් මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායි.
ඒ අනුව හෙට (16) පෙරවරු 10ට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලෙස සමාගමේ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
පසුගිය 13 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් ඉහළ දැමීමට පියවර ගත්තා.
ඒ අනුව රුපියල් 4,965ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,775කින් ඉහළ දැමුණු අතර, එහි නව මිල රුපියල් 6,740ක් දක්වා ඉහළ ගියා.
එමෙන්ම රුපියල් 1,988ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 732කින් ඉහළ දැමීමත් සමඟ එහි නව මිල රුපියල් 2,720ක් බවට පත්වුණා.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ මිල ගණන් ඉහළ යාම, නැව් ගාස්තු සහ රක්ෂණ ගාස්තු ඇතුළු මෙරටට ගෑස් තොග ආනයනය කිරීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙම මිල සංශෝධනය සිදුකළ බවයි ලාෆ්ස් ගෑස් සමාගම සඳහන් කළේ.
